ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ගැනේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ශ්‍රී ලංකා දුම්රිය සේවාවෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

ලබන සිකුරාදා(28) පෙරවරුවේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමාගේ ඍජු අධීක්ෂණය සහ සහභාගිත්වය යටතේ පැවැත්වෙන එම වැඩසටහනට දැනට විශ්‍රාමලත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන්ට සහභාගි වන්නැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඉල්ලා සිටී.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති සෑම සතියකම බ්‍රහස්පතින්දා දිනයේ මධ්‍යම රාත්‍රියේ වර්ජන ක්‍රියාමාර්ගයක්ම දියත් කිරීමට තීරණය කිරීම නිසා මෙම පියවර ගෙන තිබේ.

fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත්‍රානුකූලව ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ පිළිවෙත සෑම දරුවකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණය

Mohamed Dilsad

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වන්නි ජනතාවට ප්‍රණාමය පුදකරයි

Mohamed Dilsad

Leave a Comment