ප්‍රමුඛ පුවත 1

උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරලීම සම්බන්ධයෙන් සාකච්ඡා

(උදයම්,කොළඹ) – සාමාන්‍ය ජනතාවට මිළදී ගැනීමට හැකි මට්ටමකින් උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරලීමේ අවකාශයන් සම්බන්ධව සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ලෝක ප්‍රකට නොවාර්ටිස් ඖෂධ සමාගමේ මහජන කාර්යාංශ ප්‍රධානී වෛද්‍ය පෙට්‍රා ලොක්ස් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලොක්ස් මහත්මිය වැඩිදුරටත් පැවසූයේ සරළ ඖෂධ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම හා වඩාත් සංකීර්ණ ඖෂධ ජාත්‍යන්තර මට්ටමින් නිෂ්පාදනය කිරීම වඩාත් යෝග්‍ය බව තම අත්දැකීම් අනුව පෙනී යන බවය.

දේශීය වශයෙන් උසස් ඖෂධ නිෂ්පාදනය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී ඇති බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එවැනි කර්මාන්ත සඳහා වෙනමම නිෂ්පාදන කලාපයක් වෙන් කිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇති බව පැවසීය.
මේ නිෂ්පාදන කලාපය සම්බන්ධව හා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය පිළිබඳව ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම හා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග සාකච්ඡා වට කීපයක් සංවිධානය කිරීම වඩාත් සුදුසු බව අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේය.

ඊට එකඟත්වය පළ කළ වෛද්‍ය ලොක්ස් මහත්මිය, ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින ප්‍රමිතිගත වෙනත් ඖෂධ සමාගම් ඇත්නම්, ඒවා ද සාකච්ඡාවට එක් කර ගැනීම වඩාත් යෝග්‍ය බව පෙන්වා දුන්නාය.
ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් ද මේ සාකච්ඡාවට එක් වූහ.

Related posts

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය සහ සිවිල් සමාජ සංවිධාන අතර අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාසල් වැසේ

Mohamed Dilsad

2018 පොදුරාජ්‍ය මාණ්ඩලීය ව්‍යාපාරික සමුළුවට ශ්‍රි ලංකාව සූදානම්

Mohamed Dilsad

Leave a Comment