ප්‍රමුඛ පුවත 1

ඇලෝසියස් ඇතුළු හතර දෙනෙකුට එරෙහි පැමිණිල්ල යළි කැඳවන්න දින දෙයි

(UTV| කොළඹ) – පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන ඇලෝසියස් ඇතුළු සැකකරුවන් හතර දෙනකුට එරෙහිව රහස් පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අගෝස්තු මස 29 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි.

ඒ එම සමාගමට ලැබුණු සහ ලබාගත් දුරකථතන ඇමතුම් මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මෙම පැමිණිල්ල අද(25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අතර රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ දුරකතන ඇමතුම් අඩංගු සංයුක්ත තැටි රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණත් එහි පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සංයුක්ත තැටි පිළිබඳ විශ්ලේෂණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරමින් දන්වා රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීමක් යොමු කිරීමට නියම කර තිබේ.

අනතුරුව පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අගෝස්තු මස 29 දා ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියම කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු ආහාර වර්ජනයක

Mohamed Dilsad

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා සති අන්තයේ දිවයිනට

Mohamed Dilsad

මැ.කො නිලධාරින් හා දේශපාලන පක්ෂ සමඟ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment