ප්‍රමුඛ පුවත 1

අධ්‍යාපන ඇමති ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවයි

(UTV| කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ඒ පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ දී සිදුව ඇති බව කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහාය.

ඒ අනුව ලබන මස 08 වන දින අකිල විරාජ් කාරියවසම් මහතාට කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස ඊයේ දිනයේ සිතාසි නිකුත් කළ බව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ඊට අමතරව ලබන මස පළමු වැනි දින උදෑසන 9.30ට අදාළ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතාට ජනපති කොමිසම විසින් නොතීසි නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පෙළ පොත් මුද්‍රණය කිරීමේ දී සිදුවී ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල විභාග කිරිමේ කටයුතු ඊයේ දිනයේ දී ජනාධිපති කොමිෂන් සභාව විසින් සිදු කළේය.

එහිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බි.ඉලංගසිංහ මහතා සාක්ෂි ලබා දී ඇත.

පෙළ පොත් මුද්‍රණය කිරීමේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තමාට පෞද්ගලිකවම කතා කර ඔහුගේ ජායාරූපයක් සහ ඔහුගේ ප්‍රකාශයක් සියලුම පෙළපොත්වලට ඇතුළත් කරන ලෙස දැනුම්දුන් බව මෙහිදී අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්වරයා කොමිසම හමුවේ පවසා ඇත.

මේ අනුව ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුව නිරීක්ෂණයට

Mohamed Dilsad

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මුල්‍ය අර්බුධයක..

Mohamed Dilsad

නව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ප්‍රථම මාධ්‍ය හමුව අද

Mohamed Dilsad

Leave a Comment