ප්‍රමුඛ පුවත 1

අද මධ්‍යම රාත්‍රියෙන් දුම්රිය වර්ජනය අවසන්

(UTV| කොළඹ) – වැටුප් විෂමතා ගැටළුව විසදීම සඳහා පැවති සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ පෙරේදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

ඒ අනුව හෙට(23) සිට සිය රාජකාරිවලට වාර්තා කරන ලෙසට සිය සාමාජිකයින් දැනුවත් කර ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

රජය විසින් තම ඉල්ලීම් වලට නිසි විසඳුමක් ලබානොදුනහොත් ඉදිරියේදී යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලීමට බලාපොරොත්තු වන බවද ඔහු  අවධාරණය කළේය.

මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් ඊයේ දින දුම්රිය ගමන්වාර 340 ක් පමණ අවලංගු කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන්වූ දෙවන අතුරු වාර්තාව අද නීතිපතිවරයා වෙත

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ ඉහළට

Mohamed Dilsad

ජයත්මා වික්‍රමනායක මෙනවියට ජනපතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

Leave a Comment