ප්‍රමුඛ පුවත 1

රන්වීර් නෞකාවේ කොළඹට සේන්දු වෙයි

(UTV| කොළඹ)  – ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘රණ්වීර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (ජුනි 18) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාව වරායට පැමිණිමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී වන කපිතාන් චෙතන් චන්ද්‍රරෙව් බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

දිගින් මීටර් 146 ක් වන ‘රණ්වීර්’ නෞකාව ටොන් 4560 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 273 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.

ඒ අනුව සංචාරය නිමා කිරීමෙන් අනතුරුව 2019 ජුනි 20 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශේෂ තේරීම් කාරක සභාවට පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්.

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

රන් බිස්කට් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment