Trending News

ජනාධිපති සහ රුසියානු ජනාධිපති අතර නිල සාකච්ජා අද

(උදයම්, කොළඹ)  – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර නිල සාකච්ජා අද දහවල් පැවත්වීමට නියතයි.
ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ මොස්කව් නගරයේ ක්‍රෙම්ලින් මන්දිරයේදි මෙම හමුව පැවත්වෙන බවය.
මෙම නිල හමුවෙන් පසුව ආර්ථික,වෙළඳ මෙන්ම දේශපාලන හා සංස්කෘතික සබදතා සවිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබිමට ද නියමිතය.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජතාන්ත්‍රික සබදතා ආරම්භ කර වසර 60 ක් සපිරිම නිමිත්තෙන් පැවත්වෙන උත්සවයකටද ජනාධිපතිවරයා අද සහභාගී වීමට නියමිතය.
ඊයේ පස්වරුවේ රුසියාවට ලඟාවු  ජනාධිපතිවරයා  මොස්කව් නගරයේ ඩොමොඩෙඩුවා ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟාවිය.
රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එහිදි ජනාධිපතිවරයා ඇතුලූ ධූත පිරිස පිළිගනු ලැබීය.
ශ්‍රී ලාංකිය රාජ්‍ය නායකයෙකුට රුසියාවේ  නිල සංචාරයක් සදහා ආරාධනා ලැබුණේ වසර 43 කට පසුවය.

Related posts

Non-Declaration of Assets: Fine to be increased to Rs. 100,000

Mohamed Dilsad

கொழும்பின் சில பகுதிகளில் நாளை(02) நீர்வெட்டு

Mohamed Dilsad

Anura Senanayake granted bail in Thajudeen case

Mohamed Dilsad

Leave a Comment