ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද කරුණු දැක්වීමට හිස්බුල්ලා සුදානම්

(UTV| කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යළි අද (13) රැස්වේ.

ඒ අද පස්වරු 03.30ටය.

අද දිනයේදී කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට දැනුම් දී ඇත.

ඊට අමතරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට ද අද දිනයේ විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද පෙනී සිටින ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මහතාට දැනුම් දී ඇති බව වාර්තාවේ.

තවද ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට ද අද දිනයේ විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

කැඳවීම ලබා ඇති හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ සමාජිකයෙක්වේ.

එමෙන්ම  හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පසුගිය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටක් හඬවමින් අවසන් ගමන් ගිය ලහිරි

Mohamed Dilsad

ෂීෂෙල්ස් රාජ්‍යයේ රඳවා සිටි ශ්‍රී ලංකික ධීවරයින්ට නිදහස

Mohamed Dilsad

ශ්‍රී ලංකික ධීවරයින් 5 දෙනෙකු පාකිස්තානයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment