ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල්ගේ ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප වෙයි

(උදයම්,කොළඹ)  – රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබා දීම  කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
තමාට ඇප ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව  විමල් වරවංශ මන්ත්‍රීවරයා විසින් අද කොළඹ මහාධිකරණයට ඇප අයඳුම්පතක් ඉදිරිපත් කළේය.
එම ඇප අයඳුම්පත සලකා බැලූ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය පවත්නා නීතියට අනුව ලබා දී ඇති බව පෙන්වා දී තිබේ.
ඒ අනුව  විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ඇප අයඳුම්පත ප්‍රතික්ෂේප කෙරුණි.

Related posts

සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

අකිල රාත්‍රියේම ජනපති කොමිසමට යයි

Mohamed Dilsad

රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 3ක් වැසේ

Mohamed Dilsad

Leave a Comment