ප්‍රමුඛ පුවත 1

හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ

(UTV| කොළඹ) – හෙට (08) පෙරවරු 9.00 සිට පසුදා පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එසේම අදාළ කාලය තුළ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවලටත්, මහරගම, බොරලැස්ගමුව, නගර සභා බල ප්‍රදේශවලටත්, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලැබෙන බව එම මණ්ඩලය කියයි.

ඊට අමතරව රත්මලාන හා සොයිසාපුර මහල් නිවාසවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

නගර සංවර්ධන සැලසුමක් මෙම ජල සැපයුම අත්හිටුවීමට හේතුව බව එම මණ්ඩලය වැඩි දුරටත් කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුරප්පාඩු ඇති ජාතික පාසල් විදුහල්පති තනතුරු සම්පූර්ණ කිරීමට පියවර

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

රුසියානු බෝම්බ ප‍්‍රහාරය ජනාධිපතිවරයා තරයේ හෙළා දකී

Mohamed Dilsad

Leave a Comment