ප්‍රමුඛ පුවත 1

රියර් අද්මිරාල් කපිල සමරවීර උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

(UTV|යාපනය)  – රියර් අද්මිරාල් කපිල සමරවීර ඊයේ (මැයි 28) උතුරු නාවික විධාන මූලස්ථානයේදී උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පිහිටි උතුරු නාවික විධාන මූලස්ථානයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් කපිල සමරවීර වෙත භාර දීම සිදු කෙරිණි. උතුරු නාවික විධානය භාර ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් කපිල සමරවීර දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරි කටයුතු කරන ලදි.

වැඩ භාර ගත් නව ආඥාපති වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් උතරු නාවික විධානය වෙත පිළිගත් අතර, එම විධානය භාරව රාජකාරි කළ රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ නැගෙනහිර නාවික විධාන භාර ආඥාපති වශයෙන් වැඩභාර ගැනීමට නියමිතව ඇත. ඒ අනුව හිටපු ආඥාපති වෙත උතුරු නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැලණිවැලි දුම්රිය මාර්ගය16දා සිට වැසේ

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් ඇ.ඩො. මිලියන 100ක ණයක්

Mohamed Dilsad

දිවයින පුරා සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳව සොයා බැලේ

Mohamed Dilsad

Leave a Comment