ප්‍රමුඛ පුවත 1

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු මියන්මාරයේදී අත්අඩංගුවට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකික සැකකරුවෙකු මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ් නැමති 39 හැවිරිදි පුද්ගලකි.

මෙම සැකකරු සිය වීසා බලපත්‍රය දීර්ඝ කර ගැනීම සඳහා යැන්ගූන් නුවර ආගමන විගමන කාර්යාලය වෙත ඊයේ පස්වරුවේ පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

ඔහු අත්අඩංගුවට ගැනීමට මියන්මාර සංචාරක පොලීසිය පසුගිය බදාදා එරට සියළුම හෝටල් සහ සංචාරක නිකේතන වෙත දැනුම් දීමක් කර තිබු බව විදෙස් මාධ්‍ය පවසයි.

2018 වසරේ ජනවාරි මාසයේ ඔහු සංචාරක වීසා මත මියන්මාරයට ගොස් තිබේ.

නමුත් ඔහු නැවතත් එරටින් පිට වූ බවක් වාර්තා වී නොමැත.

කෙසේ වෙතත් එම ශ්‍රී ලාංකික සැකකරු අත්අඩංගුවට ගැනුණේ ශ්‍රී ලංකා රජය විසින් සිදුකළ දැනුම්දීමකට අනුව ද යන්න මෙතක් හෙළි වී නොමැත.

එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුගේ සම්බන්ධතා පිළිබදව මියන්මාර පොලීසියේ විශේෂ ශාඛාව මගින් විමර්ශනයක් සිදුකරන බව ද ඉරවඩ්ඩි නැමැති මියන්මාර පුවත්පත වාර්තා කර තිබේ.

අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ් නැමැත්තා වසරක් සහ මාස දෙකක කාලයක් වීසා බලපත්‍රය ඉකුත් වීමෙන් අනතුරුව ද මියන්මාරයේ රැදී සිට ඇති බවයි.

මේ අතර මියන්මාරය තුළ අයි.එස්. සාමාජිකයින් ත්‍රස්තවාදී  ප්‍රහාර දියත් කිරීමේ අවදානමක් පවතින බව ද මියන්මාර පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘතයි

Mohamed Dilsad

සමුද්‍රීය ආරක්‍ෂක රාජකාරී සඳහා පහසුකම් සැපයීමට නෙදර්ලන්තය ඉදිරිපත් වෙයි

Mohamed Dilsad

ආවා කල්ලියේ ප්‍රබලම සාමාජිකයින් 06 ඇල්ලු පොලිස් නිලධාරීන්ට ත්‍යාග…

Mohamed Dilsad

Leave a Comment