ප්‍රමුඛ පුවත 1

මේජර් ජනරාල් ජානක ඝාතනය නඩුවේ දෙවැනි විත්තිකරුට ජීවිතාන්තය සිරදඩුවම්.

(UTV| කොළඹ) – මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අධි චෝදනා 48 ක් ලබා සිටි දෙවැනි විත්තිකරු එයින් 31 ට වරදකරු බවට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය තීන්දු කළාය.

ඒ අනුව පළමු දෙවැනි සහ තුන්වැනි චෝදනාවන්ට විත්තිකරුට වසර 20 බැගින් වෙන් වෙන් වශයෙන් වසර 60 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කරනු ලැබීය.

ඊට අමතරව 04 සිට 31 දක්වා සියලු අධි චෝදනවන්ට ද විත්තිකරු වරදකරු බවට නිගමනය කල මහාධිකරණ විනිසුරුවරිය එම සියලු චෝදනාවන්ට විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කළාය.

විත්තිකරුට අයත් සියලු දේපල රාජ සන්තක කිරීමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු අනුරාධපුරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කෙරුණේ 2008 වසරේ ඔක්තෝබර් 06 වැනිදාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැන වෛද්‍යවරුන්ගෙන් යළිත් රතු එළියක්

Mohamed Dilsad

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා උමං මාර්ග 03 ක්, එක් උමං මාර්ගයක වැඩ අවසන්- ඇමති පාටලී

Mohamed Dilsad

‘දැන් කිසිවක් කියන්න බෑ’ මන්ත්‍රී වෙල්ගම කියන කතාව

Mohamed Dilsad

Leave a Comment