විදෙස්

අයිෆල් කුළුණ තාවකාලිකව වැසේ

(UTV|පැරීසිය) – පැරීසියේ අයිෆල් කුළුණ තාවකාලිකව වසා දමයි.

ඒ කිසියම් පුද්ලයෙකු අනවසරයෙන් ඊට ඇතුළු වී කුළුණ තරණය කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ නාඳුනන පුද්ගලයෙකු අයිෆල් කුළුණේ දෙවන මහල දක්වා ගොස් තිබේ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ එහි සිටි සියලූම ජනතාව ඉවත් කිරීමට කටයුතු කර ඇත.

ඉන්පසුව එම ප්‍රදේශයේ ආරක්ෂාව තර ඇති අතර අයිෆල් කුළුණ නැවත දැනුම් දෙන තුරු නරඹන්නන් සඳහා විවෘත නොකිරීමට බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෙන්යාවට එන්නත් හිඟයක්

Mohamed Dilsad

කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

ෆොනී නිසා ඉන්දියාවේ කටයුතු වලට බාධා

Mohamed Dilsad

Leave a Comment