ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරයාගේ වෙසක් දින පණිවුඩය.

(UTV| කොළඹ) – බුදුන් වහන්සේ දේශනා කළ ‘වෛරයෙන් වෛරය නොසංසි‍‍ඳේ – අවෛරයෙන් වෛරය සංසි‍ඳේ’ යන සදාතන සත්‍ය කෙරෙහි යළි යළිත් අපේ සිත් පිහිටුවාලීම කෙරෙහි වීර්යවත් විය යුත්තේ මෙබදු මොහොතක බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා කියා සිටියේ බලය පිණිස උනුන් වනසා ගැනීම ඉක්ම වූ, අපරිමිත සාමය සහිත සමාජයක් ගොඩනැඟීම පිළිබඳ බුදුන් වහන්සේගේ අනුශාසනය මේ අනගි වෙසක් දිනයේ අප විසින් යළි මෙනෙහි කල යුතු බවයි.

තවද ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවටත්, ලොව පුරා වෙසෙන සියලු බොදුනුවන්ටත් සැනසුම්දායක වෙසක් මංගල්‍යයක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා නිකුත් කල නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්ෂ නායකයාට වෙඩි නොවදින රථයක් ලබා ගැනීමට යෝජනාවක්.

Mohamed Dilsad

අරුවක්කාලු වෙත කසල රැගෙන ගිය ටිපර් රථයකට අදත් ප්‍රහාරයක්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක් – ලංකා පරිවර්තන සමූහය.

Mohamed Dilsad

Leave a Comment