ප්‍රමුඛ පුවත 1

සහරාන්ගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් හොරොවුපතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අදාළ සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුස්ලිම් විද්‍යාල දෙකක විදුහල්පතිවරයෙකු සහ වැඩබලන විදුහල්පතිවරයෙකි.

හෙරොව්පතාන, වීරචෝලේ පත්තෑව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඊයේ(16) රාත්‍රී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් නූර් මොහොම්මදු අබ්දුල් රසූල් සහ කාන මොහෙමද් මිජාම් නමැත්තන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.

ඔවුන් දෙදෙනා තවුහිද් ජමාත් සංවිධානයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මනා දැනුමක් පවතින බවට අනාවරණය වී ඇත.

‍සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම් අන්සාර් යන පුද්ගලයින් දෙදෙනා විසින් අදාළ ප්‍රදේශයේ තවුහිද් ජමාත් පල්ලි ගොඩනගා සැකකරුවන් දෙදෙනාට බාර දී ඇති බව පොලිසිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සී.වී. විග්නේෂ්වරන් අභියාචනාධිකරණය හමුවට

Mohamed Dilsad

පාකිස්තාන විදේශ අමාත්‍ය අද ජනාධිපති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

හමුදා භට පිරිස් ගංවතුරෙන් විපතට පත් වු ජනතාව වෙනුවෙන් තවදුරටත් සහන මෙහෙයුම් වල

Mohamed Dilsad

Leave a Comment