විදෙස්

ඇමරිකාව ගත් තීරණයට චීනය ප්‍රතිචාර දක්වයි

(UTV| කොළඹ) –  ඩොලර් බිලියන 60ක් වටිනා ඇමරිකානු භාණ්ඩ සඳහා සියයට 25 දක්වා තීරු බදු පැනවීමට චීනය තීරණය කරයි.

ඒ චීනයෙන් ඇමරිකා එක්සත් ජනපදයට ආනයනය කරනු ලබන ඩොලර් බිලියන 200 ඉක්ම වූ භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බදු පැනවීමට ඇමෙරිකාව විසින් ගත් තීරණයට ප්‍රතිචාර ලෙසය.

ඒ අනුව ඇමරිකාවෙන් ආනයනය කෙරෙන ගව, බැටළු සහ ඌරු මස් මෙන්ම එළවළු, පළතුරු යුෂ, පිසුම් තෙල්, තේ සහ කෝපි වලට ද චීනය බදු වැඩි කර තිබේ.

මෙය ඇමරිකානු – චීන වෙළද යුද්ධය උත්සන්නවීමක් ලෙසයි  විදෙස් විචාරකයින් පවසයි.

චීනයේ මෙම තීරණයත් සමඟ ලොව පුරා කොටස් වෙළදපොළ බිද වැටීමක් ඊයේ(13) දක්නට ලැබුණි.

එහිදී අහිමි වූ කොටස් වටිනාකම ඩොලර් ටි‍්‍රලියනය ඉක්ම වන  බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාෂ්මීරයේ, පහල්ගම් වෙත එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන මෝදිගෙන් ප්‍රකාශයක්

Editor O

හොන්ඩුරාස් ජනපති ඝාතනයට උත්සහ කළ පිරිසට දඩුවම් පැමිණවීම අද

Mohamed Dilsad

ඩොලර් බිලියන 12ක ණයක් සමග මස්ක් ‘X’ සමාගම විකුණයි

Editor O

Leave a Comment