ප්‍රමුඛ පුවත 1

පොලිස්පති පුජිතට සහ පී බී ජයසුන්දරට සිතාසි

(UTV| කොළඹ) –  පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු භාණ්ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර සහ දූෂණ මර්දන කමිටුවේ අධ්‍යක්ෂක යන මහත්වරුන්ට ලබන 13වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කෙරේ.

ඒ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවට අදාළව විත්තිය වෙනුවෙන් සාක්ෂි දීම සඳහාය.

අද (06) කොළඹ ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය විසින් ඔවුන්ට එරෙහිව සිතාසි නිකුත් කෙරුණි.

අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම සිතාසි නිකුත් කිරීම සිදු කර ඇත.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ගාමිණී සෙනරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටියේ තම සේවාදායකයා විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඊට අමතරව විත්තිය වෙනුවෙන් සාක්ෂි කැඳවීමට අපේක්ෂා කරන බවයි.

විත්තිය වෙනුවෙන් තමන් කැඳවීමට අපේක්ෂා කරන සාක්ෂි ලැයිස්තුව මේ වන විටත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥ ශබ්රි මහතා එහි සාක්ෂිකරුවන් තුන් දෙනෙකු වෙත සිතාසි නිකුත් කරන්නැයි ඉල්ලා තිබේ.

ඒ අනුව විත්තියේ සාක්ෂි කරුවන් ලෙස නම් කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, භාණ්ඩාගාර හිටපු මහ ලේකම් පී.බී.ජයසුන්දර සහ දූෂණ මර්දන කමිටුවේ අධ්‍යක්ෂවරයාට ලබන 13වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි වාහන පරීක්‍ෂාවක්

Mohamed Dilsad

කොළඹ රථ වාහන තදබදය අඩු කිරීමට පොලීසිය මහජනතාවගෙන් සහය පතයි

Mohamed Dilsad

වෙසක් සතිය නොපැවැත්වීමට රජයෙන් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment