ප්‍රමුඛ පුවත 1

මාකඳුරේ මධූෂ්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

(UTV| කොළඹ) – ඩුබායිහි සිට මෙරටට ඊයේ(05) පිටුවහල් කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.

අපරාධ රසකර සම්බන්ධ ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

පසුගිය පෙබරවාරි 5 වැනිදා ඩුබායිහි සංවිධාන කළ සාදයක් අතරතුර මාකඳුරේ මධූෂ් ඇතුලු 31 දෙනෙකු ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වූ අතර මාස තුනකට ආසන්න කාලයක් සිරගත කර සිටි ප්‍රබල අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඊයේ අලුයම ඩුබායි සිට පිටුවහල් කිරිමෙන් පසු මෙරටට පැමිණියේය.

ගුවන්තොටුපල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් භාරයට ගැනුනු මාකඳුරේ මධූෂ් පසුව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත භාර දුන්නේය.

ඒ අනුව ඔහු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නත්තල් සමරන කතොලිකයන්ට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ආශීර්වාද [VIDEO]

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන් සියලුදෙනාම අද එකම වේදිකාවක

Mohamed Dilsad

ඇල්පිටිය තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

Leave a Comment