ප්‍රමුඛ පුවත 1

මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට තහනම්

(UTV| කොළඹ) – සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (29) සිට තහනම් කර තිබේ.

ඒ ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන නිසා හදිසි අවස්ථා නියෝග යටතේ මෙම තහනම් කිරීමේ නියෝගය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනිකුත් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශ මේ බව මේ බව සඳහන් කරයි.

මෙහිදී අනන්‍යතාවය තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරනය කිරීමේ අවශ්‍යතාවයයි.

රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහාජිවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තොන්ඩමන් පොහොට්ටුවට සහාය දීමට තීරණය කරයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීමේ දිනය කල් යයි

Mohamed Dilsad

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් තුන් ලක්‍ෂ පනස් දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment