ප්‍රමුඛ පුවත 1

අර්ජුණ රණතුංග නිදහස් වෙයි…

(UTV| කොළඹ) – පසුගිය වසරේ ඔක්තෝම්බර් 27 වනදා දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ චෝදනාවට අදාල නඩුවෙන් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේය.

මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ පදනමක් නොමැති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ දිනයේදී අර්ජුණ රණතුංග මහතා සිය ලිපිගොණු කිහිපයක් ලබා ගැනීම සදහා දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුලට ගොස් තිබූ අතර එහි රැදී සිටි වෘත්තිය සමිති සේවකයින් පිරිසක් ඔහුට විරෝධය පළ කර තිබූ අතර එහිදී දෙපාර්ශවය අතර හටගත් උණුසුම් තත්වයකදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රජයේ වෛද්‍යවරුන් ජනපති හමුවීමට සුදානම්

Mohamed Dilsad

පියසේන ගමගේට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

ආපදා හේතුවෙන් විනාශවූ නිවෙස් වල විදුලි පරිපථ නොමිලේ අළුත්වැඩියා කෙරේ

Mohamed Dilsad

Leave a Comment