ප්‍රමුඛ පුවත 1

උත්සව සමය හේතුවෙන් ඉන්ධන මිල සංශෝධනය නොකෙරේ

(UTV| කොළඹ) – ඉන්ධන මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු වුව ද,  උත්සව සමය එළඹීම සැලකිල්ලට ගෙන ජනතාවට සහන ලබා දීමේ අරමුණෙන් ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර පසුගිය මාර්තු මාසයේ ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අද වන විට ඇ.ඩො. 74 දක්වා ඉහළ ගොස් තිබේ.

එසේ ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වුව ද මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අනාගත පරපුර මත්උවදුරින් ආරක්ෂා කිරීමට ප්‍රජා මැදිහත්වීම වැදගත්- අධ්‍යාපන අමාත්‍ය

Mohamed Dilsad

වෝහාරික විගණන වාර්තාවේ විවාදයට දින නියම කෙරේ

Mohamed Dilsad

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment