ප්‍රමුඛ පුවත 1

දුම්රිය සහ බස් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

(UTV| කොළඹ) – අද(09) මාධ්‍යම රාත්‍රීයේ සිට සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය සහ බස් රථ වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ඒ වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.

සිය ගැටළුවලට අවස්ථා ගණනාවකදී විසඳුම් ලබාදීමට බලධාරීන් එකඟතාව පල කළ ද මෙතෙක් අදාළ එකඟතා ක්‍රියාත්මක වී නොමැති බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

වර්ජනය නිසා හෙට(10) දිනයේ දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ද අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

රජය විසින් හඳුන්වා දී ඇති නව දඩ මුදල්වලට විරෝධය පල කරමින් මෙම වර්ජනය සිදුකරන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක යු.කේ.කුමාරරත්න මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

විද්‍යාපීඨවල විෂයමාලා නවීකරණය කිරීමට අවධානය

Mohamed Dilsad

විදුලි සේවකයින් උද්ඝෝෂණයට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment