ප්‍රමුඛ පුවත 1

එපාජ මැයි රැළිය කොළඹදී

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්‍ෂයේ මැයි දින රැළිය කොළඹදී පැවැත්වීමට තීරණය කරයි.

ඊයේ (21) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

කම්කරුවාට නිසි තැන හිමිවන යුගයක් නිර්මාණය වෙමින් පවතින මොහොතක, මෙවර කම්කරු දිනයේදී වැඩකරන ජනතාව එක්සත් ජාතික පක්‍ෂය සමඟ එක්වීමට සූදානම් බව එම පක්‍ෂයේ වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මැයි දින රැළිය පැවැත්වීමට සුදානම් නිශ්චිත ස්ථානයක් ඉදිරියේදී තීරණය කිරීමට නියමිත බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අනුව මැයි දින රැළියේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමට කමිටුවක් පත් කෙරුණු බවත්, සභාපති, ලේකම්, නියෝජ්‍ය නායක, වෘත්තීය සමිති ලේකම්, ජාතික සංවිධායක යන පක්‍ෂයේ නියෝජිතයින් ඊට ඇතුලත් බව මන්ත්‍රීවරයා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොරොව්පතාන විදුහල්පතිවරයා ඇතුළු පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

පළාත් කිහිපයක සුළඟේ වේගය ඉහලයාමේ හැකියාවක්

Mohamed Dilsad

උසස් පෙළ උසස් ලෙස සමතුන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment