ප්‍රමුඛ පුවත 1

බිලියන 1.4 ක ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීම අද

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකාවේ 08 වන ඖෂධ හා ආලේපන කර්මාන්ත ශාලාව ජා-ඇල ඒකල නිවාසිපුර නිවාස සංකීර්ණය අසල ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් අද (22) පෙරවරු 10.00 ට මෙය ආරම්භ වේ

දේශීය පෞද්ගලික සමාගමක් වන “මෙල්වා ෆාමා” සමාගම ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාවේ ආයෝජන මුදල රුපියල් බිලියන 1.4 ක් වන අතර මෙමගින් ලාංකික තරුණ තරුණියන් 300 කට රුකියා හිමිවේ

මේ වන විට මහනුවර, හොරණ, රත්මලාන, කළුතර, බුලත්සිංහල යන ප්‍රදේශවල කර්මාන්ත ශාලා 06 ක් ඖෂධ නිෂ්පාදනය සිදුකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ෂීෂෙල්ස් රාජ්‍යයේ රඳවා සිටි ශ්‍රී ලංකික ධීවරයින්ට නිදහස

Mohamed Dilsad

ලක්ෂපාන ඇල්ලෙන් පනින ලද කාන්තාවගේ සහ දැරියගේ සිරුර සොයා ගැනේ

Mohamed Dilsad

ළමුන් පාසැල් වලට ඇතුළත් කිරීමේදී අදායම් බදු ගෙවන්නන්ට විශේෂ සැලකිල්ලක්

Mohamed Dilsad

Leave a Comment