ප්‍රමුඛ පුවත 1

අම්බලන්ගොඩදී දියේ ගිලී දෙදෙනකු මරුට

(UTV| කොළඹ) – අම්බලන්ගොඩ, අකුරල මුහුදු ප්‍රදේශයේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ අකුරල මුහුදු ප්‍රදේශයේ දියනෑමට ගිය පිරිසක් අතරින් තරුණයෙකු සහ වැඩිහිටි පුද්ගලයෙකු  දියවැලකට හසුව ගසා ගෙන ගොස් ඇත.

පසුව ඔවුන් දෙදෙනා බේරාගෙන බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු සහ කහව ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොදුජන පෙරෙමුණේ සාජිකයින් වැඩි වෙයි

Mohamed Dilsad

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවක සේවකයින් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

සෞඛ්‍ය ලේකම්වරියගේ උපදෙස් අවශ්‍ය නැති බව GMOA කියයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment