ප්‍රමුඛ පුවත 1

කොටුව සිට මාලඹේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක්….

(UTV| කොළඹ) – කොළඹ නගරයේ පවතින දැඩි රථ වාහන තදබදය හේතුවෙන් කොළඹ කොටුව සිට මාලඹේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට නියමිතයි.

මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1850ක ණය ආධාරයක් ලබාදීමට ජපානය එකගතාව පල කර තිබේ.

මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය සඳහා මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීමට ජපානයේ ජයිකා ආයතනය ඉදිරිපත් වේ.

මෙම ණය මුදල අදියර 6ක් යටතේ ලබාදිමට නියමිත අතර පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 260ක මුදලක් ලබාදීමට නියමිතව ඇත.

කොළඹ කොටුව සිට මාලඹේ දක්වා දුම්රිය ස්ථාන 16කින් සමන්විත කිලෝමීටර් 17ක් පමණ දිගින් යුත් මෙම දුම්රිය ව්‍යාපෘතිය මේ වසර තුළ ආරම්භ කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතිකවිරුවන් නම්කරන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා යුද්ධ හමුදා භට පිරිස් 1000 කට අධික පිරිසක් සුදානමින්

Mohamed Dilsad

නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් වෛරසය යළිත් බෝවිය හැකියි – ජනපති

Mohamed Dilsad

Leave a Comment