ප්‍රමුඛ පුවත 1

අම්පාර සේනා දළඹු උවදුරින් පීඩාවට පත් ගොවීන්ට වන්දි.

(UTV| කොළඹ) – සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියරය අම්පාර දිස්ත‍්‍රික්කයේ ගොවීන් හට වන්දි ප‍්‍රධානය කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතුල පශු සම්පත් සංවර්ධනල වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිණ.

මෙහිදී පිඩාවට පත් ගොවීන් 307ක් සඳහා වන්දි ප‍්‍රධානය සිදු කෙරුණි.

මෙි සදහා රජය රුපියල් මිලියන 16ක් වැය කල ඇති අතර  හානි වූ එක් අක්කරයක් සඳහා රජය විසින් රුපියල් 40 000ක් පිරිනැමෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

පළමු අදියර යටතේ අම්පාර,අනුරාධපුර,මොනරාගල දිස්ත්‍රික්කවලට වන්දි මුදල් ලබා දීම සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

විද්‍යාපීඨවල විෂයමාලා නවීකරණය කිරීමට අවධානය

Mohamed Dilsad

දැඩි සුළඟකින් අයගම නිවාස රැසකට හානි

Mohamed Dilsad

ගිනි ගැනීමට ලක්වූ සම් භාණ්ඩ අලෙවි සැලේ CCTV දර්ශන

Mohamed Dilsad

Leave a Comment