ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වෙයි.

ඒ පිළිබඳ තමා ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡුා කරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය පාලනය හා අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳ ඊයේ(01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

මත්ද්‍රව්‍ය අපරාධවලට අදාළ නඩු විභාග වීමට දීර්ඝකාලයක් ගතවීම, මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙළට මහත් බාධාවක් වී ඇති මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා එම තත්ත්වය වහා නිවැරදි විය යුතු බව ද අවධාරණය කළේය.

දැනට තිබෙන මහාධිකරණ සංකීර්ණයේම එම නව අධිකරණය ස්ථාපිත කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණ.

එමෙන්ම මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අවධාරණය කෙරුණේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම පිළිබඳ අද රටේ සියලු මහජනතාවගේ අවධානය යොමුව තිබෙන බවයි.

මේ අතර අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීම පිළිබඳ ක‍්‍රමවේදයේ සංශෝධනයන්හි වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණු අතර, ඒ පිළිබඳ පවතින නීතිමය ප‍්‍රතිපාදන පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2018 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරිම අද

Mohamed Dilsad

කාරක සභා තුනක සාමාජිකයන්ගේ නම් අද ප්‍රකාශයට

Mohamed Dilsad

අගමැති සහ විපක්‍ෂ නායකගෙන් රාමසාන් දිනයට සුබපැතුම්

Mohamed Dilsad

Leave a Comment