ප්‍රමුඛ පුවත 1

අම්බලන්ගොඩ රිය අනතුරකින් එක් පුද්ගලයෙක් මරුට.

(UTV| කොළඹ) – ගාල්ල කොළඹ මහා මාර්ගයේ අම්බලන්ගොඩ උස්මුදුලාව හන්දියේ ගමන් ගත් ත්‍රි රෝද රථයක් ලංගම බස් රථයක් සමඟ ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් කළ එක් අයෙකු මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ රියදුරු සමඟ තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වැලිගම පැනෑටියන වේරගංතලාව පදිංචිව සිටි මැණික්පුරගේ ජයලාල් නැමැති 33 හැවිරිදි අයෙකි.

ගාල්ල දෙස සිට  පැමිණි ලංගම බස් රථය  ත්‍රී රෝද රථය සමඟ මුහුණට මුහුණ ගැටීමෙන් පසු ත්‍රි රෝද රථයේ රියදුරු සහ එහි පසුපස ගමන් කළ දෙදෙනෙක් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළු කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

Mohamed Dilsad

තැපැල් සේවක ඉල්ලීමට යහපත් ප්‍රතිචාර

Mohamed Dilsad

බන්ධනාගාරයේ රැඳවියන් 19 දෙනෙකු ආහාර වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment