විදෙස්

විරෝධතාවයේ නිරත වූ ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,ඉන්දියාව)  – ඉන්දියාවේ පුදුච්චෙරි ප්‍රදේශයේ දුම්රිය මාර්ග හරස්කරමින් විරෝධතාවයේ නිරත වූ ධීවරයින් 49 දෙනෙකු ඉන්දිය පොලීසිය විසින් අත්අඩංගුවට ගැනේ.
ඉන්දීය ධීවරයෙකුට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කල බවට චෝදනා කරමින් පුදුච්චෙරි ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වී සිටි පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් දුම්රිය මාර්ග හරස් කරමින් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
තමිල්නාඩු ධීවරයින් ඊයේ (08) දිනයේ සිට මෙලෙස විරෝධතාවල නිරත වි සිටින අතර ඔවුන් ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු යළි ධීවර කටයුතුවලට යොමු නොවන බව පවසයි.එසේම වෙඩි තැබීම සිදුකල බව කියන ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ නිළධාරීන් අත්අඩංගුවට ගත යුතු බවත් විරෝධතාකරුවන් පවසයි.
මෙම තත්වය විසදීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය සුශ්මා ස්වරාජ් වෙත ලිඛිතව දැනුම්දී ඇති බව ද ඉන්දීය වාර්ථා වල දැක්වේ.

Related posts

උතුරු කොරියාවට යළිත් බැලස්ටික් මිසයිල චෝදනාවක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

නාසා අගහරු වෙත යවන ලද රෝවරය මතුපිටට ගොඩබසියි

Mohamed Dilsad

Leave a Comment