ප්‍රමුඛ පුවත 1

ඉදිරි දින දෙක තුල වැසි වර්ධනයක්..

(UTV| කොළඹ) – වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින දෙක තුලදී (පෙබරවාරි මස 16 සහ 17) බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තව අද (15) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

අද (15) දිනය තුළ නැගෙනහිර, උතුරු-මැද, උතුරු සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ,දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.

ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇති විය හැක බවද සඳහන්.

සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදයෙහි සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

LTTE සැකකරුවන් සමග පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

රජයේ මාධ්‍ය ආයතන නව ප්‍රධානීන් සඳහා පත් වීම් ලිපි භාර දෙයි

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට සුළගේ වේගය ඉහළ යයි…

Mohamed Dilsad

Leave a Comment