ප්‍රමුඛ පුවත 1

මෙරට මුදල් තොගයක් නීතිවිරෝධීව රැගෙන ආ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ භාවිතා කරන රුපියල් 5000 නෝට්ටු තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගැනේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ රාජකාරියේ නියැලී සිටි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  37 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි.

මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ භාවිතා කරන මුදල් නෝට්ටු තොගයක් මෙරටට රැගෙන විත් තිබු බව රේගුව සඳහන් කරයි.

ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ මෙම රුපියල් ලක්ෂ 07 ක් වටිනා ශ්‍රී ලංකාවේ භාවිතා කරන රුපියල් පන් දහසේ නෝට්ටු 140 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

අදාළ සිද්ධිය පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයක් පැවැත්වූ අතර, එහිදී මෙම ශ්‍රී ලංකා රුපියල් තොගය රාජසන්තක කළ බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතිරේක දොරටු විවෘතයි

Mohamed Dilsad

පාතාල නායක මධුෂ් ඇතුළු පිරිසගේ රුධිර සාම්පල පරීක්ෂාවක්.

Mohamed Dilsad

හමුදා බුද්ධි මේජර්වරයෙක් ලෙස හදුන්වාගත් අයෙක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment