ක්‍රීඩා

ලෝක කුසලානයට දෝනි යැවිය යුතු හේතුව සංගා ඉන්දීය මාධ්‍යයට කියයි..

(UTV| කොළඹ) – එංගලන්තයේදි හා වේල්සයේදි ආරම්භ විමට නියමීත අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගැනෙන ඉන්දීය සංචිතයට මහේන්ද්‍ර සිං දෝනි අනිවාර්යෙන් ඇතුළත් විය යුතු බවත් එය නායක විරාත් කෝලී හට මහත් ශක්තියක් වනු ඇති බවත් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

2007 වර්ෂයේදි විස්සයි – 20 ලෝක කුසලානයත්, 2011 වර්ෂයේ එක්දින ලෝක කුසලානයත්,2013 වර්ෂයේදි අයි.සී.සී චැම්පියන්ස් කුසලානය දිනා ගැනිම සඳහා කණ්ඩායම මෙහෙයවමීන් මහේන්ද්‍ර සිං දෝනි සතුව ඇති අත්දැකිම් සම්භාරය මීට හේතුව බවත් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මහේන්ද්‍ර සිං දෝනිට කණ්ඩායමේ සිය ස්ථානය ආරක්ෂා කර ගැනිමට නවක ක්‍රීඩක රිෂාබ් පන්ට් සමග දැඩි තරගයක නිරත විමට සිදු වනු ඇති බවත් කුමාර් සංගක්කාර වැඩි දුරටත් සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තීරණාත්මක තරඟය අද

Mohamed Dilsad

පළමු 20 – විස්ස තරඟයෙන් ඕස්ට්‍රේලියාවට ජය

Mohamed Dilsad

ක්‍රිකට් නිලවරණය කල් දැමිටම අයි.සී.සී යේ එකඟත්වය..

Mohamed Dilsad

Leave a Comment