ප්‍රමුඛ පුවත 1

“එකට සිටිමු“ ජාතික ව්‍යාපෘතිය ඇරඹේ

(UTV| කොළඹ) – 71 වන ජාතික දින සැමරුමට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “එකට සිටිමු“ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(13) පැවැත්වුණි.

කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී මෙම සමාරම්භක උළෙල පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් පවසයි.

විශේෂයෙන් රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලු භේද අතහැර එක්ව ක්‍රියාකළ යුතු බව තරයේ විශ්වාස කරමින් රට වෙනුවෙන් එකට සිටිමු ක්‍රියාන්විතය බල ගන්වා ඇත.

මේ නිසා ඉදිරියේදී සියලු දේශමාමක බලවේග එකට එක් කර ගනිමින් රටේ උන්නතිය උදෙසා කටයුතු කිරිම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

සියලු ශ්‍රී ලාංකිකයින් එක්සත්ව එක්සිත්ව එක්වන බව සනිටුහන් කරමින් “එකටසිටිමු” යන සංදේශය ප්‍රවින මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාගලමුව මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව මූල්‍ය විශුද්ධිකරණයේ අවධානම් ලැයිස්තුවට

Mohamed Dilsad

පක්ෂයෙන් ඈත් වි සිටින අයට සජිත්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

2025 දී ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීම අපගේ අරමුණයි- අගමැති

Mohamed Dilsad

Leave a Comment