ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂගේ මුලික විරෝධතාව ප්‍රතික්ෂේපයි

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව  නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් ගොනුකර ලද මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරයි.

ඒ කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසිනි.

සභාපති – සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

තීරණය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා පැවසුවේ මෙම නඩුව විභාග කරන මෙන් අගවිනිසුරුවරයා විසින් නිකුත් කළ විධානයකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙන බවයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකු තමන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම අධිකරණ බලයක් නොමැති බවට ගොනු කර තිබූ මූලික විරෝධතාව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව මෙම නඩුව විභාගයට ගැනීමටයි විශේෂ මහාධිකරණය තීරණය කරනු ලැබුවේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මෙම නඩුව විභාගයට ගැනීමට අධිකරණයට පවතින බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේ පසුගිය 22 වනදාය.

මෙම නඩුව පසුගිය 31 වනදා යලි කැදවූ අතර එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස ගොනු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය අද ලබාදෙන බවයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර ප්‍රදේශය ඇතිවූ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කොළඹට රැගෙන් ඒමට සුදානම්

Mohamed Dilsad

පාර්ලිමේන්තු කමිටු ක්‍රමය විශාල පිටුවහලක් – කථානායක [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරවා නව පාර්ලිමේන්තුවක් පත්කල යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment