ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය ස්ථිරයි – ජනපති

ජනාධිපතිවරණයට පෙර ස්ථීර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාස සිරිසේන මහතා පවසයි.

අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලූ ඉතා ඉක්මනින් නිරාකරණය කර ගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික් මහජන හමුව අද පවත් වුණි.

පොළොන්නරුව නව නගරයේ මෙම මහජන හමුවට පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගිවේ සිටි බව වාර්තාවේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල්වල දෙවන වාර විභාගය අවලංගු නොකරන බවට රජයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

පරිසර සංරක්ෂණය සහ එහි අභියෝග ගැන සමුළුවක්

Mohamed Dilsad

උතුර සහ නැගෙනහිර පළාත්වල වත්මන් තත්ත්වය ගැන මහ නා හිමිවරුන්ගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment