ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල අද සහ හෙට ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

අද (09) රාත්‍රී 9.00 සිට හෙට(10) පස්වරු 3.00 දක්වා කාලය තුළ කොළඹ 01, 13,14,සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මෙම කාලය තුළ පිටකොටුව ප්‍රදේශ තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

මේ අතර මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් රාජගිරිය, ඇතුල්කෝට්ටේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට අළුයම 4.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටු වීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර බණ්ඩාරනායකපුර, නාවල සහ කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ හා ඊට සම්බන්ධ අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටු වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරියට වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

හයිලෙවල් මාර්ගයේ හෝමාගම අවට වාහන තදබදයක්

Mohamed Dilsad

සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

Mohamed Dilsad

Leave a Comment