ප්‍රමුඛ පුවත 1

කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට වසර 5ක සිර දඬුවමක්

(UTV| කොළඹ) – අල්ලස් චෝදනාවකට වරදකරු වූ කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ නමැත්තාට අද වසර 5ක සිර දඬුවමක් නියම කළේ ය.

ඒ කොළඹ මහාධිකරණය විසිනි.

2012 වසරේ කළුතර ප්‍රදේශයේ ඉඩමක් මැදින් පිවිසුම් මාර්ගයක් සකස් කිරීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා ගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙලෙස ඔහුට සිර දඩුවම් නියම කෙරුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේ, සිර දඬුවමට අමතරව අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් ලක්ෂ 30ක මුදල දණ්ඩනයක් ලෙස අය කර ගන්නා ලෙස ය.

මීට අමතරව රුපියල් ලක්ෂ 20ක් පැමිණිලිකරුට ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරයා එක් වරදකට රුපියල් 5000 බැගින් චෝදනා 4ක් සඳහා රුපියල් 20000ක දඩයක් ද විත්තිකරුට පනවනු ලැබුවේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනිද්දා ඇරඹෙන ජිනීවා සමුළුව

Mohamed Dilsad

අදත් වැසි ඇතිවන ලකුණු

Mohamed Dilsad

අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට ඇති විශාල පිරිසක්

Mohamed Dilsad

Leave a Comment