ප්‍රමුඛ පුවත 1

අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට ඇති විශාල පිරිසක්

(UTV| කොළඹ) – සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ අපවත් වී වදාළ අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ගිහි , පැවිදි විශාල පිරිසක් පැමිණෙති.

උන්වහන්සේගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක සිට කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානය වෙත පසුගිය 03 වනදා රිය පෙරහරකින් වැඩම කරවනු ලැබීය.

එමෙන්ම පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ද එක්ව සිටියහ.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.

අවුරුදු 54ක් ආයු වළදා අපවත් වී වදාළ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය එළඹෙන 8 වන දා නිදහස් චතුරස‍්‍රයේදී රාජ්‍ය අනුග්‍රහ සහිතව සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලි බිඳවැටීම් කියන්න දුරකතන අංක කිහිපයක්

Mohamed Dilsad

නාලක සිල්වා අදත් CIDය හමුවට

Mohamed Dilsad

නිල්වළා ගඟේ ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

Leave a Comment