ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාල අධ්‍යාපන පුහුණුවීම්වලට විදේශීය විශ්වවිද්‍යාල සමඟ ගිවිසුමක්.

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල අධ්‍යාපන හා ක්ෂේත්‍ර පුහුණු වීම් සඳහා අමාත්‍ය දයා ගමගේ මහතාගේ උපදෙස් පරිදි අවබෝධතා ගිවිසුමකට එළඹීමට ජාතික සමාජ සංවර්ධන ආයතනය කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන සඳහා විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක් සමඟ දැනටමත් සාකච්ඡා කිහිපයක්ම පවත්වා අවසන්ව තිබේ.

තරුණ, ළමා හා වැඩිහිටි රැකවරණය පිළිබද පාඨමාලා සඳහා බෙල්ජියමේ Lenven, Limburg විශ්වවිද්‍යාලය සමඟ ද, දේශිය වෛද්‍ය විද්‍යාව හා සමාජ වැඩ සම්බන්ධ ඩිප්ලෝමා සඳහා කොරියාවේ Daegu Haany විශ්වවිද්‍යාලය සමඟින් ඉදිරියේ දී ගිවිසුම් වලට එළඹීමට නියමිත බව පවසේ.

තවද ශ්‍රාස්ත්‍රපති උපාධි හදාරණ සිසුන් සඳහා ඉන්දියාවේ ටාටා ආයතනය හා චෙන්නායි විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුම් වලට එළැඹීමට නියමිත බව ජාතික සමාජ සංවර්ධන ආයතනය පවසයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ධිවර යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරිමේ තීරණයක්

Mohamed Dilsad

සහල් සඳහා මිල පාලනයට අද රාත්‍රියේ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පත් වෙයි

Mohamed Dilsad

Leave a Comment