විදෙස්

වෙනිසියුලානු විපක්ෂ නායකට රටින් පිටවීම තහනම් කරයි…

(UTV| වෙනිසියුලාව) – වෙනිසියුලානු විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ ට රටින් පිටවීම තහනම් කිරීමට එරට නීතිපති තරෙක් විලියම් සාමි පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම පියවර ගෙන ඇත්තේ තමන් අන්තර් වාර ජනාධිපති ලෙස විපක්ෂ නායකවරයා සිදුකළ ප්‍රකාශ හේතුවෙන්.

මීට අමතරව වික්ෂ නායකවරයාගේ බැංකු ගිණුම් අත්හිටුවීම සඳහා කටයුතු කරන ලෙස ද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනිසියුලානු විපක්ෂයේ හුවාන් ගුවයිඩෝ තමා අන්තර් වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එරට දේශපාලන අර්බුදය උත්සන්න වූ අතර, ඒ හේතුවෙන් පැන නැගුණු ජනතා විරෝධතා නිකලස් මධුරෝ රජය මගින් මර්දනය කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොංකොං විශ්ව විද්‍යාලයක විරෝධතා උත්සන්න වෙයි

Mohamed Dilsad

ගුවන් යානයක් අතුරුදන්

Mohamed Dilsad

ඉන්දුනීසියා ආණ්ඩුව ට එරෙහි ජනතා විරෝධතා උග්‍රවෙයි….. : රාජ්‍ය ගොඩනැගිලි ගිනි තබයි

Editor O

Leave a Comment