ප්‍රමුඛ පුවත 1

දෙමටගොඩදී දෙපිරිසක් ගැටෙයි

(UTV| කොළඹ) – දෙමටගොඩදී දෙපිරිසක් අතර හටගත් ගැටුමක් අතරතුර සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරේ.

ඊයේ(29) රාත්‍රි 8ට පමණ දෙමටගොඩ, කාලිපුල්ලවත්ත ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන  තිබේ.

එහිදී පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇත.

පසුව තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මෙය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාන් මිල ඉහළට

Mohamed Dilsad

සුහුරු ජාතික හැදුනුම්පත් ක්‍රමය අද සිට දිවයින පුරා

Mohamed Dilsad

තොරතුරු සන්නිවේදන තාක්‍ෂණයෙන් පළමු ස්ථානයට ඒම ශ්‍රි ලංකාවේ අපේක්‍ෂාවයි

Mohamed Dilsad

Leave a Comment