ප්‍රමුඛ පුවත 1විදෙස්

මාලි රාජ්‍යදී මිය ගිය සෙබළුන්ට වන්දියක්

(UTV| කොළඹ) – මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට සුදානම් වන බව වාර්තාවේ.

ඒ අනුව ශ්‍රී ලාංකික හමුදා කපිතාන් එච්.ඩබ්ලිව්.ඩී. ජයවික්‍රම සහ කෝප්‍රල් එස්.එස්. විජයකුමාරට ද මෙලෙස වන්දි  ලෙස ඇමරිකානු ඩොලර් 80,000කට ආසන්න මුදලක් ලබාදීමට නියමිතය.

හමුදා ආරංචි මාර්ග සඳහන් කලේ ත්‍රස්ත ප්‍රහාරයේදී තුවාල ලැබූ අනෙක් හමුදා සාමාජිකයින් තුන්දෙනා වෙනුවෙන්ද වන්දි ලබාදීමට ජගත් සංවිධානය පියවර ගනු ඇති බවයි.

කිසියම් රටක ආරක්ෂක අංශ නිලධාරීයෙකු සාධක හමුදා කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරන අතරතුර ත්‍රස්ත ක්‍රියාවලින් මිය ගියහොත් හෝ තුවාල ලැබීමක් සිදුවුවහොත්  ඔවුන් වෙනුවෙන් වන්දි පිරිනැමීම සාමාන්‍ය ක්‍රමවේදයවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ඇමති රිෂාඩ් කොළඹ අපරාධ කොට්ඨාශයට [VIDEO]

Mohamed Dilsad

බන්ධනාගාර තුනක හදිසි වැටලීමක්

Mohamed Dilsad

පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර

Mohamed Dilsad

Leave a Comment