ප්‍රමුඛ පුවත 1

සතියක් ජාතික ධජය ඔසවා තබන ලෙස ඉල්ලීමක්

(UTV| කොළඹ) – පෙබරවාරි පළමු වනදා සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන ලෙස රජය ඉල්ලීමක් කරයි.

71 වන ජාතික දිනය වෙනුවෙන් සියලුම නිවෙස්වල, වෙළඳ ව්‍යාපාරික ස්ථානවල රජයේ හා පෞද්ගලික කාර්යාලවල සහ රථවාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජය ඉල්ලා සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වේ.

ලබන 4 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 71 වන ජාතික දින සැමරුම ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර ජාතික දිනය වෙනුවෙන් වු පෙරහුරු හේතුවෙන් අනිද්දා සිට ගාලු මුවදොර අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසියදැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යල කන්නයේ වගා හානිවුවන්ට වන්දි

Mohamed Dilsad

අද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනය

Mohamed Dilsad

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment