ප්‍රමුඛ පුවත 1

විපක්‍ෂ නායක ලේකම් ධුරයෙහි වැඩ බැලිම හර්ෂ විජේවර්ධනට..

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන හර්ෂ විජේවර්ධන මහතා විපක්‍ෂ නායක වැඩබලන ලේකම් ධුරයට පත් කිරීමට ඊයේ (22) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

ලබන අප්‍රේල් මස 06 වැනිදා දක්වා විජේවර්ධන මහතා වැඩබලන පදනම මත විපක්‍ෂ නායක ලේකම් ධුරයෙහි කටයුතු කිරීමට නියමිත අතර එයින් පසු ඔහු එම තනතුරෙහි ස්ථීර කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව පැවසේ.

මෙතෙක් විපක්‍ෂ නායක ලේකම් ධුරයෙහි කටයුතු කළ දීපිකා සුබසිංහ මහත්මිය මේ වන විට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ලබන අප්‍රේල් 06 වැනිදා සිට විශ්‍රාම යෑමට නියමිතව සිටින නිස බවද වාර්තා වේ.

හර්ෂ විජේවර්ධන මහතා ඔක්තෝබර් 26 වැනිදා ආණ්ඩු මාරුවෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතිරේක ලේකම්වරයා වශයෙන්ද කටයුතු කර ඇත.

ඊට අමතරව නීතිඥ චමින්ද කුලරත්න මහතා විපක්‍ෂ නායක අතිරේක ලේකම් ධුරයට පත් කිරීමටද ඊයේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි..

Mohamed Dilsad

මන්නාරම් මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට පෙර පූජාවටත් ලක්ෂ දෙකකට ආසන්න බැතිමතුන් පිරිසක්

Mohamed Dilsad

ඒ-9 මාර්ගයේ අනතුරකින් විහාරාධිපති හිමිනමක් අපවත් වෙති

Mohamed Dilsad

Leave a Comment