ප්‍රමුඛ පුවත 1

දෙදරු මවක් ඝාතනය කෙරේ

(UTV|කන්තලේ) –  තියුණු ආයුධයකින් ඇණ කාන්තාවක් ඝාතනය කර තිබේ.

ඒ කන්තලේ වෙල්ඩින් මාවත ප්‍රදේශයේ දී බව පොලිසිය කියයි.

අද (22) උදෑසන 6ට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර  මෙලෙස මියගොස් ඇත්තේ කන්තලේ ජනතා මාවතේ පදිංචිව සිටි 28 හැවිරිදි දෙදරු මවකි.

අද උදෑසන රැකියා ස්ථානය කරා ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම කාන්තාවට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකර පළාගොස් තිබේ.

පෞද්ගලික ආරවුලක් මත මේ ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරයි.

මේ සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹ ප්‍රදේශ කීපයකට අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහැරේ.

Mohamed Dilsad

LTTE සංවිධානයේ භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට හිටපු ඇමති රිෂාඩ් සම්බන්ධ නොමැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තේරීම් කාරක සභාවට කියයි

Mohamed Dilsad

Leave a Comment