කලා

Aquaman මිලියන දාහක් උපයයි…

(UTV| කොළඹ) – පසුගිය 2018 වසරේ දෙසැම්බර් 21 වැනිදා හොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ජේසන් මෙමෝවා ප්‍රධාන රංගනයෙන් දායකත්වය සපයන ‘Aquaman’ චිත්‍රපටය මිලියන දාහක් උපයා ගැනීමට සමත් වී ඇත.

එම වසරේ මිලියන දාහක් උපයාගත් පස්වැනි හොලිවුඩ් චිත්‍රපටය බවට Aquaman පත්විය.

මෙම චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1020 කි.

‘සුපර් මැන්’, ‘බැට් මෑන්’, ‘වොන්ඩර් වුමන්’ වැනි ‘වෝනර්ස් බ්‍රදර්ස්’ චිත්‍රපට සමාගම විසින් බෙදාහල සුපිරි වීර චිත්‍රපට අතරේ ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත්වන්නට මේ වනවිට ‘අකුවාමෑන්’ චිත්‍රපටය සමත්ව තිබෙන බව ද වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලබන වසරේ තිරගත වන “රොකට් මෑන්”

Mohamed Dilsad

දෛවය වෙනස් කර ගත් විදීයේ ගායිකාව (VIDEO)

Mohamed Dilsad

සේදුපති රඟන පළමු Web Series රූගත කිරීම් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment