ප්‍රමුඛ පුවත 1

බරපතල වංචා ගැන සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක්

(UTV| කොළඹ) – 2015 ජනවාරි 15 සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුල සිදුවූ බරපතල වංචා ගැන සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කෙරේ.

ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත්කළ බවයි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසන් සභාවට තවත් සාමාජිකයෝ සිව්දෙනෙක් ඇතුළත් වෙති.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී විරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පී.ඒ. පේමතිලක , විශ්‍රාමික අමාත්‍යාංශ්‍ය ලේකම් ලලිත් ආර් ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ යන මහත්ම මහත්මින් එහි සමාජිකයින් ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරලීම සම්බන්ධයෙන් සාකච්ඡා

Mohamed Dilsad

කිරි පිටි මිල පහළට

Mohamed Dilsad

පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය.

Mohamed Dilsad

Leave a Comment