ප්‍රමුඛ පුවත 1

හේකිත්තේ වෙඩි තැබීම ගැන හොයන්න කණ්ඩායම් 4ක්

(UTV| කොළඹ) – ඊයේ(13) පස්වරුවේ වත්තල, හේකිත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

විශේෂයෙන්සි ද්ධිය සම්බන්ධයෙන් CCTV කැමරා දර්ශන උපයෝගී කරගනිමින් ඉදිරි විමර්ශන සිදුකරන අතර දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක් මත සිදුව ඇති බවයි.

වත්තල හෙකිත්ත ප්‍රදේශයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පොලීසිය පැවසුවේ, මෝටර් රථයක යමින් සිටි පිරිසකට තවත් මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් පිරිසක් මෙලෙස වෙඩි තබා පලාගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ  කොටහේන ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හා 33 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිඥවරියක් අත්අඩංගුවට

Mohamed Dilsad

රංජන්න්ගේ නඩුව විභාගයට ගැනීමට සුදානම්

Mohamed Dilsad

හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමීණෙයි

Mohamed Dilsad

Leave a Comment